නව දිල්ලි බෝම්බ ප්‍රහාරය ගැන අනාවරණයක්..

නවදිල්ලියේ Red Fort අසල සිදුවූ බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරිමට සැකකාර වෛද්‍යවරුන් "Dead Drop” විද්‍යුත් තැපැල් ක්‍රමය භාවිත කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

by Staff writer 16-11-2025 | 9:27 AM

COLOMBO (News 1st) - නවදිල්ලි රතු කොටුව අසල සිදු වු බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරිමට සැකකරුවන් "Dead Drop” විද්‍යුත් තැපැල් ක්‍රමය භාවිතා කර ඇතැයි අනාවරණය වී තිබේ. 

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරුන් "Dead Drop” ක්‍රමය හරහා  ප්‍රහාරය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම ක්‍රමය හරහා තොරතුරු ලබා දෙන පුද්ගලයා හෝ තොරතුරු ලබා ගන්නා පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය වන්නේ නැත.

පසුගිය 10 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස්, 20 දෙනෙකු තුවාල ලැබුවේ ය.