අහාරවලට පනවා තිබූ තීරුබදු බවත් කළ ජනපති ට්‍රම්ප්

හරක් මස්, කෝපි ඇතුළු අමෙරිකාවේ ආහාර වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තීරු බදු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කරයි..

by Staff writer 15-11-2025 | 8:11 AM

COLOMBO (News 1st) - හරක් මස්, කෝපි, ඇතුළු අමෙරිකාවේ ආහාර වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තීරුබදු අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ඉවත්කර තිබේ.

ඒ  එරට උද්ධමනය ඉහළ යාම හමුවේ භාණ්ඩවල මිල අධික වීම හමුවේ ඇතිවූ ගැටලු හේතුවෙනි.

තීරුබදු අඩු කළ ආහාර අතරට කෙසෙල් සහ තක්කාලි ද ඇතුළත් වේ.

බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු ඉවත් කිරීම බලාත්මක වනු ඇත.