ස්විට්ස්ර්ලන්තයට පැනවූ තීරු බදු ට්‍රම්ප් අඩු කරයි

ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය 39% සිට 15%ක් දක්වා අඩු කෙරේ..

by Staff writer 15-11-2025 | 8:20 AM

COLOMBO (News 1st) - ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබේ.

ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය සමග  ඔවුන්ගේ වෙළඳ ගිවිසුම නිම කිරීම සඳහා වන සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කරන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.

මීට පෙර ස්විට්සර්ලන්තයට 39%ක තීරු බදු ප්‍රතිශයක් පැනවීමට අමෙරිකාව පියවර ගන්නා ලදි.