.webp)
-603957.jpg)
COLOMBO (News 1st) - නීති විරෝධීව උපයාගත් මුදලින් මහර, වරාහේන්ගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 250ක ඉඩමක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 09 ආරාමය පාරේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.
ඒ අනුව සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති ඉහත දේපල මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත ප්‍රකාරව දින 7 ක් දක්වා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය.
