.webp)
-603906.jpg)
COLOMBO (News 1st) - බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බෙහෙත් වට්ටෝරු ලිවීමේ හා නිර්දේශ කිරීමේ මාර්ගෝපදේශ පිළිපදින්නැයි වෛද්‍ය වෘත්තිකයින්ට දැනුම් දෙයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇතැම් වෛද්‍යවරුන් විසින් නිකුත් කරන බෙහෙත් වට්ටෝරු අපැහැදිලි බවට ඖෂධවේදීන් හා ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.
නිවැරදි ඖෂධය හදුනා ගැනීමට අපහසු වීම හේතුවෙන් රෝගීන්ගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් මතුව ඇතැයි ද, අදාළ නිවේදනයේ දැක්වෙයි.
වෛද්‍යවරුන් සඳහා වන සදාචාරාත්මක හැසිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයේ බෙහෙත් වට්ටෝරු ලිවීම හා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ඇතුළත් ය.
එම මාර්ගෝපදේශ පිළිපැදීමෙන් වළකින වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කරයි.
