.webp)
-603893.jpg)
COLOMBO (News 1st) - බංගලාදේශයේ ඩකා අගනුවර ආරක්ෂාව තර කර තිබේ.
ඒ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂය රට පුරා විරෝධතා ආරම්භ කිරීමට සූදානම් වූ පසුබිමකය.
2024 වසරේ අගෝස්තු මාසයේ 5 වැනිදා අගමැතිනිය ඇතුළු රජයට එල්ල වූ ප්‍රභල මහජන විරෝධය හමුවේ, ෂෙයික් හසීනා ධුරය අත්හැර ඉන්දියාවට පලා ගියේ ය.
පසුව රටේ පාලනය නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යූනුස් ඇතුළු අන්තර්වාර පාලනයකට පැවරුණු අතර අවාමි ලීග් පක්ෂයද තහනම් කෙරුණි.
විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සිවිල් විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව ෂෙයික් හසීනාට එරෙහිව පැවරුණු නඩුවේ තීන්දුව ලබන සදුදා ලබාදීමට නියමිතය.
මෙවැනි පසුබිමක ඉන්දියාවේ සැඟවී සිටින ෂෙයික් හසීනා ඊට විරෝධය පළ කරන්නැයි සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියා ය.
ඒ අනුව පසුගිය දිනවල රට පුරා ස්ථාන කිහිපයක විරෝධතා සහ ගිනි තැබීම් වාර්තා වූ බව බංග්ලාදේශ බලධාරීන් පවසයි.
එම තත්ත්වය මත ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ අතර පාසැල් සහ විශ්වවිද්‍යාල කටයුතු ඔන්ලයින් ඔස්සේ සිදුකිරීමටද බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා වල සදහන් වේ.
බංග්ලාදේශයේ නව රජයක් පත් කර ගන්නා මහ මැතිවරණය ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.
