.webp)
-603868.jpg)
COLOMBO (News 1st) -පොලිස් නිලධාරියෙක් යනු පැවැරුණු රාජකාරිය නිමවී නිවස බලා යන තවත් රාජ්‍ය සේවකයෙකු නොවේ.
පැය 24 පුරා සේවයට බැඳී සිටින, සේවය අවශ්‍ය වූ වහාම පැවරෙන රාජකාරියට වාර්තා කරමින් දිවි හිමියෙන් නීතිය හා සාමය ආරක්ෂාකිරීමට දිවුරුම් දුන් රාජ්‍ය නිලධාරියෙකි.
මේ එවන් පොලිස් නිලධාරිනියක් ගැන කතාවක්.
කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත කාන්තා පොලිස් සැරයන් මංචනායක 4431 පසුගිය 10 වැනිදා රාජකාරිය නිමවී සිවිල් ඇඳුමින් සැරසී බස් රථයකට ගොඩ වූයේ නිවස බලා යාමටයි.
එක් වරම “මාලෙ කඩාගත්තා” යනුවෙන් කෑගසූ කාන්තාවක් පිළිබඳව විපරම් වූ ඇය ක්ෂණිකව බස් රථයෙන් බැස ඒ පිළිබඳව සොයාබලා සැඟවීයන සැක සහිත කාන්තාවක් ලුහු බැඳ ගොස් මාලය සොයාගෙන තිබේ.
අනතුරුව මාලය කැඩූ සැකකාරියත්, වින්දිත කාන්තාවත් ත්‍රී විල් රථයකට නංවාගෙන කෑගල්ල පොලිස් ස්ථානයට ගෙනවිත් භාරදීමට මංචනායක නිලධාරිනිය ක්‍රියාකර ඇත්තේ පොලිස් නිලධාරීන් ස්ථානයට කැඳවීමට වැයවන සුලු ප්‍රමාදයත් සැකකාරිය රඳවාගැනීමේදී ඇතිවන අවධානමත් සැලකිල්ලට ගනිමිනි.
පෙනෙනා මානයේ පොලිස් නිල ඇඳුමක් නොවූවත් අපරාධයක් සිදුකිරීමට සිතේ ඇතිවන සිතුවිල්ලකට පවා ඔබ බිය විය යුත්තේ මෙවන් පොලිස් නිලධරයන් ඔබ අතරම ගැවසෙන බව හොදින් මතකයේ තබාගෙනයි.
