.webp)
-603821.jpg)
COLOMBO (News 1st) - මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩි කර ඇතැයි ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
ඒ , ධීවර අමාත්‍යාංශය , නාවික හමුදාව හා පොලීසිය එක්වයි.
වසරේ ගතවූ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 328ක්.
නාවික හමුදා භාරයට ගෙන ඇති ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 41 ක්.
