බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදී අත්අඩංගුවට

මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදී අත්අඩංගුවට.

by Staff writer 08-11-2025 | 9:02 PM

COLOMBO(News1st) - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බවට සැකපිට මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, එරට ආරක්ෂක අංශ විසින් ය.

එහි සිටි ධීවරයින් පිරිසක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා පොලීසිය සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.