දිය අනතුරකින් පුද්ගලයෙකු බේරා ගැනීම

මීගමුවේ වෙරළ තීරයක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගසා ගෙන යාමේදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් 3දෙනෙකු විසින් එම පුද්ගලයාගේ දිවි බේරා ගනී..

by Staff writer 08-11-2025 | 8:03 AM

COLOMBO (News 1st) - 2025.11.07 වන දින සවස් කාලයේ මීගමුව පොලිස් වසමේ ඒත්තු කාල ප්‍රදේශයේ වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි ඒත්තු කාල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දී ඇත.
බේරාගත් පුද්ගලයා වයස අවුරුදු 56 ක් වන ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.