කොටහේන ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයා ගැනේ...

කොටහේන ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයා ගැනේ...

by Staff writer 08-11-2025 | 7:15 PM

COLOMBO(News1st) - කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයට සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය සොයාගෙන තිබේ.

ඒ , ආමර්විදිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදියි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇතැයි පොලීසිය සඳහන් ක‍ළේ ය.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 6ක් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(07) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පූකුඩු කන්නා නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි  සමාජිකයාගේ සමීපතමයෙකු බවයි.

දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික පලනි රේමුෂන් නැමැත්තාගේ අනුගාමීකයින් පිරිසක් ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙම දෙපාර්ශවය අතර කලක සිට පවතින ආරවුලක් ඝාතනයට හේතුවන්නට ඇති බවයි.

කොටහේන 16 වැනි පටුමඟේ වෙඩි තැබීමෙන් එලෙස මිය ගියේ 43 හැවිරිදි  පුද්ගලයෙකි.