අත්අඩංගුවට ගත් විදුහල්පතිගේ වැඩ තහනම්

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කෙරේ..

by Staff writer 07-11-2025 | 2:58 PM

COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

ඒ උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ය.

වැඩ තහනම් කරමින් යැවූ ලිපියේ දැක්වෙන්නේ කිසිදු හේතුවක් මත ඔහු වැඩබලන විදුහල්පතිවරයා ලෙස සේවය කළ කටියාව යාය 10 විද්‍යාලයට ඇතුලු නොවිය යුතු බවය.

සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 1 යි ග්‍රෑම් 185 කට ආසන්නය.

ජාවාරම සම්බන්ධයෙන් එප්පාවල ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා හා තවත් සැකකරුවෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරුණි.

මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ බිරිඳ ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රි ධුරයෙන් ද ඉවත් විය.