අලුත් වෙන දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම අද පස්වරුවේ..

by Staff writer 07-11-2025 | 6:25 AM

COLOMBO (News 1st) - මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම අද (07)  පස්වරුවේ පැවැත්වේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී ය.

දියවඩන නිලමේ ධුරය සඳහා වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු 7නෙකු ඉදිරිපත් වන බවට මේ වනවිට වාර්තා වේ.

ඒ අතර මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ද ඇතුළත් වේ.

දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ දී මහා සංඝරත්නය ඇතුළු 265 ක පමණ පිරිසක් මෙවර ඡන්දය ලබා දීමට සුදුසුකම් සපුරා තිබේ.

මෙරට බ්‍රිතාන්‍යය යටත් විජිතයක් බව පත්වූදා සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනෙකු කටයුතු කළේ ය.

අද පත්වන දියඩවන නිලමේවරයාට 2035 වසර දක්වා ධුරයේ කටයුතු කිරීමට හැකිය.