.webp)
COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් වතු කම්කරු දෛනික වැටුප ලබන ජනවාරි සිට රු.1550ක් දක්වා ඉහළට දමන අතර රජයෙන් දෛනික රු.200ක පැමිණීමේ දීමනාවක් ලබා දීමට කටයුතු කෙරේ.
වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් හිමි විය යුතුය යන්න රජයේ ස්ථාවරයයි. දැනට ගෙවනු ලබන දෛනික අවම වැටුප වන රුපියල් 1,350, 2026 ජනවාරි මස සිට රුපියල් 1,550 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන ලදි. තවද, රුපියල් 1,550 ක වැටුපට අමතරව රජය විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් ගෙවීමට යෝජනා කරන ලදි. ඒ සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරන ලදි.
