අයවැයෙන් ඩිජිටල් පිවිසුම ශක්තිමත් කිරීමට හා ඩිජිටල්කරණයට රු.මිලියන 3000ක්

by Staff writer 07-11-2025 | 3:12 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් ඩිජිටල් පිවිසුම ශක්තිමත් කිරීමට හා ඩිජිටල් කරණයට රුපියල් මිලියන 3000ක් වෙන් කරයි.

කෘත්‍රීම බුද්ධිය, ක්ලවුඩ් (cloud) පරිගණකසහ දත්ත මධ්‍යස්ථාන ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කර ඇත. දත්ත ආරක්‍ෂණ අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත සංශෝධන සහිතව සම්මත කර තිබේ. තවද, දැනට සකස් කරමින් පවතින ඩිජිටල් ආථික පනත මඟින් ඩිජිටල්ආථික අධිකාරිය මෙන්ම ඩිජිටල් ආථිකය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ඩිජිටල් ආථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරයි.