ලැට්වියාවේ සයිබර් අපරාධ ජාලයක් අත්අඩංගුවට

SIM කාඩ්පත් 40,000ක් යොදාගෙන යූරෝ මිලියන 5කට අධික මුදලක් වංචා කළ සයිබර් අපරාධ ජාලයක් අත්අඩංගුවට

by Staff writer 03-11-2025 | 3:25 PM

COLOMBO (News 1st) - පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා ලැට්වියාවේදී සිදු කළ විශේෂ '' SIM CARTEL '' නැමැති මෙහෙයුමකින් ජාලගත සයිබර් අපරාධ කල්ලියක සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට  ගෙන තිබේ.

මෙහිදී සක්‍රීය තත්ත්වයේ තිබූ  රටවල් 80කට අයත් සිම් කාඩ් 40,000ක් , servers 5ක් සහ SIM BOX  උපකරණ 1200ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා

මෙම අපරාධ කල්ලිය විසින් ඕස්ට්‍රියාවේ සහ ලැට්වියාවේ සයිබර් අපරාධ 3200ක් පමණ සිදු කළ යූරෝ මිලියක 5කට අධික මූල්‍ය චංචා කළ ඇති බවට තහවුරු වී ඇත.

මෙම වංචා සිදු කිරීම සඳහා මෙම සිම්පත් භාවිතා කර මාර්ගගත ගිණුම් (Online Accounts) මිලියන 49 ක් පමණ සාදා ඇති බවත් මෙහිදී අනාවරණය වී ඇත.