.webp)
-602902.jpg)
COLOMBO (News 1st) - යාපනය, විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලේ වහලය මත තිබී ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ.
ඊයේ (31) දිනයේ සිදුකළ පරීක්ෂාවේදී T56 ගිනි අවියක්, මැගසින් දෙකක්, කුඩා බෝම්බ තුනක් සහ T56 පතොරම් 175 ක් සොයා ගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.
එහි තිබී සේලයින් බෝතල් 05 ක් ඇතුළු ප්‍රථමාධාර උපාංග හමුවී පොලිස් භාරයට ගෙන තිබේ.
