.webp)
-602804.jpg)
COLOMBO (News 1st) - මෙරට ජනගහන වර්ධන වේගය තවදුරටත් පහළ ගොස් තිබේ.
ඊයේ (30) නිකුත් කළ 2024 ජන සංගනන වාර්තාව අනුව මෙරට ජනහන වර්ධන වේගය දැක්වෙන්නේ සියයට 0.5 ක් ලෙසය.
එය 2012 ජන සංගනනයේදී සියයට 0.7 ක් ලෙස දැක්වූණි.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ අඩු ප්‍රතිශතයකින් වුවද මෙරට ජනගහනය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවය.
ජන සංගණන වාර්තාවලට අනුව මෙරට ජනහනය 14 ලක්ෂ 3731 කින් ඉහළ ගොස් ගොස් තිබේ.
මේ වන විට මෙරට ජනගහනය, දෙකෝටි 17 ලක්ෂ 81800 ක්.
ඉන්, සියයට 51.7 ක්, කාන්තාවන් වන අතර, පිරිමි ප්‍රතිශතය, සියයට 48.3 ක් වේ.
අවුරුදු 15 ට අඩු එනම් මෙරට ළමා ජනගහනයද සමස්ත ජනගහනයෙන් සියයට 20.7 ක් දක්වා අඩු වී ඇත්තේ සියයට 4.5 කිනි.
වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටි ජනගහනය සියයට 12.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ සියයට 4.7 කින්.
වයස අවුරුදු 15 ත් 64 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ජනගහනය, සමස්ත ජනගහනයෙන් සියයට 66.7 ක්.
මෙවර යැපුම් අනුපාතය සියයට 49.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අවුරුදු 15 ට අඩු සහ අවුරුදු 65 සහ ඊට ඉහළ ජනගහනය සළකන්නේ, යැපෙන්නන් ලෙසය.
මේ අතර ජන සංගනන වාර්තා අනුව මෙරට සිංහල ජන ගහනය සියයට 74.1 ක්.
සියයට 12.3 ක් ශ්‍රි ලංකා දෙමළද සියයට 10.5 ක් ශ්‍රි ලංකා මුස්ලිම්වරුන්ද වන අතර සියයට 2.7 ක් ලෙස ඉන්දියානු දෙමළ ජනගහනය දැක්වේ.
ජන සංගනන වාර්තා අනුව නිවසක් නොමැතිව එළිමහනේ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව 2281 ක්.
