ප්‍රදේශ තුනකින් මළ සිරුරු තුනක් සොයා ගැනේ

ප්‍රදේශ තුනකින් මළ සිරුරු තුනක් සොයා ගැනේ

by Staff writer 30-10-2025 | 9:02 AM

COLOMBO (News 1st) -  මට්ටක්කුලිය කාක දුපත වෙරළ තීරයේ , කැලණි ගඟ මෝය කට අසල සහ පමුණුගම එපාමුල්ල ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරු තුනක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මළ සිරුරු වල අන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි.

කාක දුපත වෙරළ තීරයේන් සහ කැලණි ගඟ මෝය කටින් සොයා ගත් මළ සිරුරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, එපාමුල්ල ප්‍රදේශයේ ඉදි කරමින් පවතින දෙමහල් නිවසක පිටුපස මියගොස් සිටි පුද්ගලයා අවුරුදු 50 - 60ත් අතර වයසේ පසුවන බවයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මට්ටක්කුලිය සහ පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.