.webp)
-602761.jpg)
ඒ , ඕස්ට්‍රේලියා සහ ඉන්දීය කණ්ඩායම අතරයි.
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ඔස්ට්‍රේලියාවයි.
ඔවුන් 7වරක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයගෙන තිබේ.
ඉන්දීය කණ්ඩායම මෙතෙක් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් ජයගෙන නොමැත.
මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඊයේ(29) සුදුසුකම් ලබා ගත්හ.
ඒ , එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගය ලකුණු 125කින් ජය ගනිමිනි.
ඉන්දියාවේ නවි මුම්බායිහිදී පැවැත්වෙන අද(30) තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.
