.webp)
-602512-602542.jpg)
ආසියා පැසිෆික් විකාශකයින්ගේ සංගමය , රේඩියෝ රෝමෙනියා සහ කැපිටල් මහාරාජා සමූහය එක්ව මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරයි.
යුරෝපයේ මෙන්ම ආසියා පැසිෆික් කලාපයේ මාධ්‍ය ක්ෂේත්රයේ නිරත ප්‍රවීන වෘත්තිකයින් රැසක් එකට එක්වූ ජාත්‍යන්තර සමුළුවක් මෙරට තුළ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.
ලොව මහද්වීප අතර සන්නිවේදනයේ සහ සහයෝගීතාවයේ සබඳතා තව තවත් පුළුල් කිරීම මෙම ඒ බි යූ මාධ්‍ය සහ සංස්කෘතික දින ජාත්‍යන්තර සමුළුවේ අරමුණයි.
මෙවර ඒ බි යූ මාධ්‍ය සහ සංස්කෘතික දින ජාත්‍යන්තර සමුළුවේ තේමාව වන්නේ ඒ අයි හෙවත් කෘතිම බුද්ධියෙන් මාධ්‍ය ක්ෂ්‍රේත්‍රයේ ඇතිවන අවධානම් , අභියෝග සහ නිර්මානය වන අවස්ථාවයි.
ඊයේ එය ආරම්භ වූ අතර කෘතිම බුද්ධියෙන් වන බහුවිධ බලපෑම සම්බන්ධයෙන් සංවාද මණ්ඩප කිහිපයක් ඊයේ දිනය පුරා පැවැත්විය.
2025 ABU මාධ්‍ය හා සංස්කෘතික දින ජාත්‍යන්තර සමුළුවට යුරෝපීය රටවල් ඇතුළු රටවල් 16ක නියෝජිතයින් එක්වුනු අතර මෙම සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවුයේ පළමු වරටයි.
මෙවර මෙම ජාත්‍යන්තර සමුළුවේ සත්කාරකත්වය කැපිටල් මහාරාජා සමූහයේ සිරස මාධ්‍ය ජාලයට හිමිවූයේ ඒ අනුවයි.
ABU මාධ්‍ය සහ සංස්කෘතික දින ජාත්‍යන්තර සමුළුවේ වැඩසටහන් රැසක් අද දිනයේදීත් පැවැත්වීමට නියමිත යි.
