.webp)

ඒ සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
පොලීසිය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා විට බීමතින් සිට ඇතැයි අනාවරණය වු බවයි.
අදාල වෑන් රථය පරික්ෂා කිරීමේදි ගංජා මිශ්‍ර මදන මෝදක 4 ක් සහ කුඩා තියුණු ආයුධයක් තිබී ඇතැයි සඳහන් වේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් එම වෑන් රථය මේ වන විට රජයේ රස පරික්ෂකට යොමු කිරිමට පියවර ගෙන තිබේ.
මේ අතර සැකකරු අණ නොතකා රථය ධාවන කිරිම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් වාහන 4කට අලාභ හානි වී ඇතැයි පොලීසිය පවසයි
ඒ අතර යතුරු පැදි 3 ක් සහ එක් මෝටර් රථයක් අයත් බව සඳහන් වේ.
සැකකරු අපරාධ කිහිපයකට සම්බන්ධව අවශ්‍යව සිටි අයෙක් බව පොලීසිය සඳහන් කළේ ය.
