ශ්‍රී ලංකාව-පාකිස්ථානය අද ලෝක කුසලාන තරග බිමට

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය කොළඹ, ආර්. ප්‍රේමදාස පිටියේදී අද ලෝක කුසලාන තරග බිමට..

by Staff writer 24-10-2025 | 7:49 AM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර තරගය අද (24) පැවැත්වේ.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ය.

මේ අතර ඉන්දීය කණ්ඩායම 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ඒ නවසීලන්තය සමග ඊයේ පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 53කින් ජය ගැනීමත් සමගය.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන ලදි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 49කට සීමා කෙරුණි.

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 49 අවසානයේදී කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 340කි.

අනතුරුව තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා වූ අතර, නවසීලන්ත ඉනිම ආරම්භ වූයේ පන්දුවාර 44කට සීමා කරමිනි.

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 325ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 44තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 271ක් පමණය.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකිය.