.webp)
-602378.jpg)
COLOMBO (News 1st) - යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි යුරෝපා සංගම් නායකයින් හමුවී තිබේ.
රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට අරමුදල් සැපයීමට යුරෝපා සංගම් නායකයින් එහිදී එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉදිරි වසර දෙක සඳහා යුක්රේනයේ මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් එම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.
ඒ අනුව යුරෝ බිලියන 140 ක ණය අධාරයක් යුක්රේනයට ලබා දීමට යුරෝපා සංගම් නායකයින් තීරණය කර ඇතැයි සඳහන් වේ.
මේ අතර යුක්රේනයට දිගු දුර මිසලය ලබා දෙන ලෙස යුක්රේන ජනාධිපතිවරයා යුරෝපීය සංගම් නායකයින්ගෙන් ඉල්ලා තිබේ.
ඒ දිගු දුර මිසයිල ලබා නොදෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුව ය.
එම දිගු දුර මිසසිල ඇමරිකාවට පමණක් නොව ඇතැම් යුරෝපීය රටවල ද තිබෙන බව ද යුක්රේනය ජනාධිපතිවරයා යුරෝපා සංගම් නායකයින් අමතමින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.
