දිවයිනේ සියලු පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක්

2027 වසරේ සිට දිවයිනේ සියලු පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් - අගමැති හරිනි

by Staff writer 23-10-2025 | 4:01 PM

COLOMBO (News1st) - 2027 වසරේ සිට දිවයිනේ සියලු පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව, අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය ඒ බව සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

පූර්ව ළමා විය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් බව, අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ ය.

ඇය පැවසුවේ, 19,000කට ආසන්න පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන, නොවැම්බර් 25 වැනිදා ආරම්භ කරන බවයි.