රඹුක්කන,පේරාදේණිය අතර දුම්රිය ගමන් තවදුරටත් අඩාලයි

රඹුක්කන - පේරාදේණිය අතර දුම්රිය ගමන් තවදුරටත් අඩාලයි

by Staff writer 22-10-2025 | 9:02 AM

COLOMBO(News1st) - උඩරට මාර්ගයේ රඹුක්කන සහ පෙරාදෙණිය අතර සියලු දුම්රිය ගමන්වාර අද(22) දහවල් 12 දක්වා අවලංගු කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, රඹුක්කන හා පේරාදෙණිය අතරදී ස්ථාන 10කින් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස්කදු හා ගස් ඉවත් කිරීම් මේවන විට අවසන් අදියරේ පවතින බවයි..

මහනුවර - බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවේ.