.webp)
ඉන්දීය පුවත් වෙබ් අඩවියක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, 50%ක තීරු බද්ද, 16%ක් හෝ 15%ක් දක්වා අඩු විය හැකි බවයි..
කෙසේ නමුත් ධවල මන්දිරය හෝ ඉන්දීය වාණිජ අමාත්‍යංශය අදාල වාර්තා වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයා, ඉන්දියාවට 26%ක තීරු බද්දක් පැනවූ අතර, පසුව අවස්ථා ගණනාවකදී එය සංශෝධනය කළේ ය.
අගෝස්තු 27 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බද්දක් ක්‍රියාත්මක කෙරුණි.