රඹුක්කන සහ පේරාදෙණිය අතර දුම්රිය ගමන් වාර අවලංගුයි

උඩරට මාර්ගයේ , රඹුක්කන සහ පේරාදෙණිය අතර දුම්රිය ගමන් වාර අවලංගුයි...

by Staff writer 22-10-2025 | 5:20 PM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ රඹුක්කන සහ පේරාදෙණිය අතර අද (22) පස්වරුවේ ධාවනයට නියමිත සියලු දුම්රිය ගමන්වාර අවලංගු කර තිබේ.

ඒ ,  එම කොටසට කඩා වැටුණු පස් කඳු හා ගස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකිරීම හේතුවෙනි.

රඹුක්කන හා පේරාදෙණිය අතරදී ස්ථාන 10කින් දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගස් කඩා වැටී ඇති අතර ඒවා ඉවත් කිරීම අවසන් අදියරේ පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.  

මහනුවර - බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවේ.