උගන්ඩාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 63ක් මරුට

උගන්ඩාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 63ක් මරුට

by Staff writer 22-10-2025 | 3:03 PM

COLOMBO(News1st) - උගන්ඩාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටි සිදු වූ අනතුරකින් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක් බස් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරියක් ඉස්සර කරගෙන යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටි ඇති බවයි

අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.