දීපාවලී උත්සවය අදයි..

දීපාවලී උත්සවය අදයි..

by Staff writer 20-10-2025 | 6:44 AM

COLOMBO(News1st) - හින්දු භක්තිකයන්ගේ සශ්‍රීකම සංස්කෘතික උළෙල ලෙස සැලකෙන දීපාවලී උත්සවය අදට යෙදී තිබේ.

පහන් මාලාවක් දැල්වීම, දීපාවලී දිනයේ විසිතුරු සිරිතකි.

දීපාවලි සමරන්නට නිමිත්ත ලෙස සැළකෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා  පරාජය කිරීමේ සිද්ධියයි.

අධර්මය පරාජය වී ධර්මය ජයගත් දීප්තිමත් දිනය වශයෙන්ද මේ දිනය සැලකෙයි.

හින්දු බැතිමතුන් පහන් දැල්වීම, කෝලම් දැමීම, පොංගල් බත් බෙදීම සිදු කරන අතර දේව වන්දනයේ නිරත වන්නේ මහත් බැතියෙන්.

තමාට මෙන් සෙසු ලෝකවාසීන්ටද එළිය දකින්නට ඉඩ සළසන්නැයි නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි බව වේද සාහිත්‍යයේ සඳහන් ය.

එපරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවායි යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිව හින්දු බැතිමතුන් අද ආගමික වතාවත්වල නිරන වෙයි.

මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන ඔවුන් රස කැවිලි අනුභව කරමින් මේ දිනය සතුටින් සමරයි.