.webp)
මේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය කලාඔය පහත්බිම්වල වෙසෙන ජනතාවට යම් ගංවතුර අවදානමක් පවතින බවයි.
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පැවතිය හැකි අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇති බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස දැනුම් දෙයි.
ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකියි
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.
මේ අතර දිස්ත්‍රික්ක හයකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකයි.
එම දිස්ත්‍රික්ක වන්නේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයි.
මේ අතර , පවතින වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 6 ක වාං දොරටු විවෘත කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, අංගමුව හා කලාවැව ජලාශ, කුරුණැගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශය, මාතලේ දිස්ත්‍රික්කයේ ඉබ්බන්කටුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල ජලාශයේ එලෙස වාං දොරටු විවෘත කර ඇති බවයි.