ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පැය 30ක ජල කප්පාදුවක් -ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය-

by Staff writer 20-10-2025 | 6:38 AM

COLOMBO(News1st) -ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවේ, අද පෙරවරු 8.00 සිට හෙට පස්වරු 2 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව බෝපේ පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිත ය.

අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් එලෙස ජල කප්පාදුව සිදුකරන බව සඳහන් ය.