උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කෙරේ.

උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කෙරේ.

by Staff writer 20-10-2025 | 2:57 PM

COLOMBO(News1st) - අද(20) දිනය ඇතුලත උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කෙසේ වෙතත් ඉන් දුම්රිය ගමන්වාර 7ක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත බවයි.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට රඹුක්කන දක්වා සීමා කර ඇති අතර මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවේ.

ඉහළ කෝට්ටේදී සිදුවූ දුම්රිය පීලි පැනීම සහ ප්‍රදේශ කිහිපයකට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවනය අඩාල විය.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ(19) පස්වරුවේ පීලි පැනීමකට ලක්වු දුම්රියේ පීලිගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බවයි.

වර්ෂාව හේතුවෙන් එම ස්ථානයට ලඟාවීමේ බාධා මතුවු බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.