.webp)
ඒ, ඉහළ කෝට්ටේදී සිදුවූ දුම්රිය පීලි පැනීම සහ ප්‍රදේශ කිහිපයකට පස් තට්ටු කඩා වැටීම හේතුවෙන් ය.
මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය, රඹුක්කන දක්වා සීමා කර ඇති අතර මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වෙයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, ඊයේ පස්වරුවේ එලෙස පීලි පැනීමකට ලක්වු අතර පවතින අධික වර්ෂාවත් සමග එම ස්ථානය වෙත ළඟා වීමේ දුෂ්කරතා පවතින බවයි.
ඒ හේතුවෙන් දුම්රිය පිළිගත කිරීමේ කටයුතු සඳහා යම් දිගු කාලයක් ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ වනවිට කොළඹ කොටුව සිට මහනුවර, මාතලේ හා බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර 03 ක් අවලංගු කර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මහනුවර,මාතලේ හා බදුල්ල සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය ගමන් වාර 4 ක් ද අවලංගු කර ඇති බවයි.
මේ අතර කැළණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.
දුම්රියක් පීළි පැනීම, මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හා ගසක් කඩා වැටීම හේතුවෙන් ඊයේ පස්වරුවේ එම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල විය.