මෙරට රන් මිල රු. 20000කින් පහළට..

මෙරට වෙළෙඳ පොළේ රන් පවුමක මිල රු. 20000 කින් පහළට..

by Staff writer 18-10-2025 | 2:00 PM

COLOMBO (News 1st) - මෙරට වෙළෙඳ පොළේ රන් පවුමක මිල රුපියල් 20000 කින් අද පහළ ගොස් තිබේ.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල, රුපියල් 390,000 කි.

කැරට් 22 රන් පවුමක මිල, රුපියල් 360,800 ක් ලෙස දැක්වුණි.

කැරට් 24 රන් පවුමක මිල, ඊයේ රුපියල් 410,000 ක් දක්වා ඉහළ ගියේ ය.