.webp)
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු යෝර්ක් ආදිපාද පදවිය අතහැර තිබේ.
ඒ, යම් පුද්ගලයෙකු සමග පවතින සබඳතාවක් සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙනි.
ඇන්ඩෘ කුමරු නිවේදනය කළේ, රජ පවුලෙන් පිරිනැමුණු පදවිය හෝ ගෞරව නාම තවදුරටත් භාවිත නොකරන බවය.
චාල්ස් රජු සහ වේල්සයේ විලියම් කුමරුට ඔහු ඒ පිළිබඳව දැනුම් දී තිබේ.
එළිසබෙත් රැජිණගේ දෙවැනි දරුවා වන ඇන්ඩෘ කුමරු මින් ඉදිරියට කිසිදු රාජකීය උත්සවයකට සහභාගී වන්නේ නැහැ.