එවරස්ට් තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා මරුට

ලොව උසම කන්ද තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා මියයයි..

by Staff writer 17-10-2025 | 3:03 PM

COLOMBO(News1st) - එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා වන කාංචා ෂර්පා මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , නේපාල කත්මණ්ඩු නුවරදී ඔහු මියයන විට වයස අවුරුදු 92ක් බවයි.

1953 දී එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ලොව උසම කන්ද මුදුන වන එවරස්ට් තරණය කළේ ය.

ඒ වන විට කාංචා ෂර්පාගේ වයස අවුරුදු 19 කි.