.webp)
COLOMBO (News 1st) - තංගල්ල මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන්, මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 5ෙක්.
අදාළ මත්ද්‍රව්‍ය සාම්පල අද (16) රජයේ රස පරික්ෂක වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
මුහුදේ පාවෙමින් තිබූ උර 51 ක තිබි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රැම් 839 ක් සොයා ගනු ලැබුවේ ය.
ඒ , නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව කල මෙහෙයුමකදීය.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 670 ක්, හෙරෝයින් කිලෝ ග්‍රෑම් 156 ක් හා හෂීස් කිලෝ ග්‍රෑම් 12 කට අධික ප්‍රමාණයක් ඒ අතර වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණු පළාතේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව පොලිසිය ප්‍රකාශ කරන ලදි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතය.