ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප හිමිවෙයි

ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප හිමිවෙයි

by Staff Writer . 14-10-2025 | 6:44 PM

COLOMBO (News1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හැරීමට අධිකරණය අද(14) නියෝග කළේ ය.

ඒ, නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

සැකකාර රාජ්‍ය අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 3 ක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත මුදාහැර තිබේ.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනම් කරන බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පසුගිය අගෝස්තු 06 වැනිදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ,සෙවණගල පිහිටි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්  ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල, ඉකුත් අරගල සමයේ විනාශ වීමෙන් පසුව, හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරමින්,  එම දේපළ වෙනුවෙන් රුපියල් අසූ අට ලක්ෂ පනස් දහසක වන්දි ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ය.