.webp)
COLOMBO (News 1st) - මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව සිදුකල මෙහෙයුම්වලින් දැනට සොයා ගෙන ඇති සමස්ත උණ්ඩ සංඛ්‍යාව 2110කි.
ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුම්වලින් T56 උණ්ඩ 860ක් ,ගුවන්යානා නාශක උණ්ඩ 4ක් සහ බර අවි සඳහා භාවිතා කරණ උණ්ඩ 93ක් සොයා ගනු ලැබුවේ ය.
මිට පෙර සිදුකළ මෙහෙයුම්වලින් සොයාගත් උණ්ඩ ප්‍රමාණය, 1163 කි.
ටී 56 උණ්ඩ 895 ක්, මිලි මීටර් 71 වර්ගයේ උණ්ඩ 116 ක් සහ මිලිමීටර් 41 වර්ගයේ උණ්ඩ 10 ක් ද, ඒ අතරට ඇතුළත් වේ.
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.