සෙව්වන්දි ඇතුළු පිරිස හෙට දිවයිනට රැගෙන ඒමට පියවර

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස හෙට(15) දිවයිනට රැගෙන ඒමට කඩිනමින් පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

by Staff writer 14-10-2025 | 8:31 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ලේ සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, නේපාලයේ ආරක්ෂක අංශ සමග එක්ව කළ විශේෂ මෙහයුමකදීය.

ඇය සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලෙීසිය ප්‍රකාශ කලා.

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස හෙට(15) දිවයිනට රැගෙන ඒමට කඩිනමින් පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.