.webp)
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාරියක වන ඉශාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, නේපාලයේ ආරක්ෂක අංශ සමග එක්ව කළ විශේෂ මෙහයුමකදීය.
ඇය සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ, නේපාලයේ කත්මන්ඩු නුවරට කිලෝමීටර් 18 ක් පමණ දුරකින් වූ ප්රදේශයකදිය.
අත් අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුලු පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ප්‍රකාශ කරන ලදි.