නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවලට මීදුම් තත්ත්වයක්

නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවලට මීදුම් තත්ත්වයක් .... රිය ධාවනයේදි විමසිලිමත් වන්නැයි උපදෙස්...

by Staff writer 12-10-2025 | 5:40 PM

COLOMBO (News 1st) - නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවලට මේ වනවිට ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පොලීසිය රියැදුරන්ට දැනුම් දෙන්නේ , රිය ධාවනයේදි විමසිලිමත් වන ලෙසයි.

ප්‍රධාන ලාම්පු දල්වා ගෙන රිය ධාවනය කරන ලෙස, පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

නුවරඑළිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඇඳ හැළුණු අධික වර්ෂාව හමුවේ නානුඔය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි සඳහන් ය.