.webp)
ඒ, ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින්, ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය ඉදිරියේ කරුණු දක්වමින් කළ ඉල්ලීමක් සලකා බලමින් ය.
අධිකරණ භූමිය තුළ නීතිඥවරයාගේ වාහනය සහ බන්ධනාගාර බස් රථයක් නතර කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුගිය 10 වනදා එම සිද්ධිය වාර්තා විය.
අදාළ නීතිඥවරයා, ගල්කිස්ස පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, තමා පහරදීමක් නොකළ බවයි.
කෙසේ වෙතත්, ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිට තිබුණේ නැහැ.
සීසීටීවී දර්ශන හා සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශ උපයෝගී කරගනිමින් මේ පිළිබඳ ගල්කිස්ස කොට්ඨාස භාර නිලධාරි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.