ශ්‍රී ලංකා-එංගලන්ත තරගය අද..

ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද කොළඹ, ආර්. ප්‍රේමදාස පිටියේදී..

by Chathurika Jayasundara 11-10-2025 | 9:19 AM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වේ.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ 12වැනි තරගය මෙයය.

කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගීවන තුන්වැනි තරගය මෙය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක පවසන්නේ අද තරගයට කණ්ඩායම හොද සූදානමකින් පසුවන බවය.

තරගාවලි ලකුණු සටහනේ එංගලන්තය 2වැනි ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 7වැනි ස්ථානයයි.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග ගණන 18කි.

එයින් තරග 17ක් ජය ගෙන ඇත්තේ එංගලන්තය වන අතර ශ්‍රී ලංකාව එක් තරගයක් පමණක් ජයගෙන ඇත.

එංගලන්ත කාන්තා කණ්ඩායම අවස්ථා 4කදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා තිබේ.

මෙම තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

එහිදී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට හිමිව තිබේ.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සියලු තරග සජීව ලෙස නැරඹිය හැකිය.