දෛනිකව කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරු වෙයි

දෛනිකව මෙරට කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරු වෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 11-10-2025 | 9:11 AM

COLOMBO (News 1st) - ඒ අතරින් මෙරට කාන්තාවන් අතර බහුලව පියයුරු පිළිකාව වාර්තා වේ.

ඒ හේතුවෙන් පියයුරු පිළිකා පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ මාසය ලෙස ඔක්තෝම්බර් මාසය නම්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසය.  

වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3 කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක්ද සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙස එම අමාත්‍යංශය පැවසුවේ ය.

එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද, ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.