.webp)
COLOMBO (News 1st) - ඩුබායි, සාජාහි සේවය කළ ලාංකික තරුණයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ කොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි දීලක පෙරේරා නැමැති 23 හැවිරිදි ශ්‍රි ලාංකික තරුණයෙකි.
මීට දින දෙකකට පෙර ඔහු සාජාහි මහල් නිවාසයක් අසල බිම වැටී තුවාල ලබා සිටියදී එරට ආරක්ෂක අංශ මගින් රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති අතර ඔහුගේ මියයාමට හේතුව මෙතෙක් අනාවරණවී නැත.
බෝමිරිය විද්‍යාලයේ ආදි සිසුවෙක්වන දීලක පෙරේරා කඩුවෙල මීට වසරකට පමණ පෙර ඩුබායිහි රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලබන සඳුදා පැවැත්වීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ය.
කෙසේ වෙතත් ඔහුගේ මියායාම සැකසහිත බැවින් ඒ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පැවැත්වීමට මැදිහත්වන ලෙස ඥාතීන් බලධාරින්ට දැනුම් දෙනු ලබයි.