දේශපාලඥයින් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර්ශන ඇරඹේ...

දේශපාලඥයින් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර්ශන ඇරඹේ......

by Staff writer 08-10-2025 | 9:52 AM

COLOMBO (News 1st) - හිටපු මැති ඇමතිවරුන් 10 දෙනෙකුගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

ඒ පොලීසිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මතයි.

පොලීසිය පැවසුවේ, මීට අමතරව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 කුගේ වත්කම් සම්බන්ධයෙන්ද  විමර්ශනයක් ආරම්භ කළ බවයි.

විමර්ශනවලදී හෙළිවන කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

පොලීසිය පැවසුවේ, මුදල් විශ්ද්ධිකරණය පනත යටතට ගැනෙන වැරදි සිදුකර ආදළ පුද්ගලයින් විසින් මිලදී ගෙන ඇති දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි.