නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරිමට නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි.

by Staff writer 08-10-2025 | 10:00 AM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව පිළිබඳ සාකච්ඡාවක් දෙන්නැයි  නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ නඩු තීන්දුවෙන් නියෝග කිහිපයක් පනවා ඇති බවයි.

ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව ඒ පිළිබඳ දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එකගතාවයට එළඹීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව පිටු 361 කින් සමන්විත වේ.

එමගින් නෞකා සමාගමට හා රජයේ ආයනත කිහිපයකට නියෝග කිහිපයක් පනවා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය නෞකා සමාගමට නියෝග කළේ නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙසයි

එම සම්පූර්ණ වන්දි මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ද අධ්‍යනය කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.