සෝමාවතී පුදබිමට පුරාවිද්‍යා කෞතුකාගාරයක්

සෝමාවතී පුදබිමට පුරාවිද්‍යා කෞතුකාගාරයක් සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනයක්..

by Staff writer 06-10-2025 | 7:42 PM

COLOMBO (News 1st) -  සෝමාවතී කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරා විද්‍යා පර්යේෂණ ආයතනය අද(06) පෙරවරුවේ විවෘත කෙරුණි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

බුදු රාජානන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන බැතිමතුන් සහ අධ්‍යාපන පර්යේෂකයින්ගේ පහසුව වෙනුවෙන් එය ඉදිකර තිබේ.

ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් එය ඉදි කෙරුණි.